ටෙලි නාට්‍යයක ආදර්ශයෙන් පොළඟකු ලවා බිරිය මරා දැමීමට තැත් කල ව්‍යාපාරිකයා

ටෙලි නාට්‍යයක ආදර්ශයෙන් පොළඟකු ලවා බිරිය මරා දැමීමට තැත් කල ව්‍යාපාරිකයා

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

පසුගියදා රට තුළ කතාබහක් ඇති කළ පොළඟකු දෂ්ට කිරීමට සලස්වා බිරිය මරා දැමිමට උත්සාහ කළ ව්‍යාපාරිකයා මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර ඔහුගෙන් ඒ ගැන විමසීමේදී ඔහුට එසේ කිරීමට අදහසක් පහළ වූයේ රූපවාහිනී නාලිකාවක විකාශය වූ ටෙලිනාට්‍යයක් නැරඹීමෙන් බව පෙරේදා (7) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ ධනවත් ව්‍යාපාරිකයා හෙළිකර තිබේ. කාන්තාවකට සර්පයකු දෂ්ට කිරීමට සැලසුම් කරන අන්දම මිට කාලයකට ඉහතදී රූපවාහිනී නාලිකාවක විකාශය වූ ටෙලිනාට්‍යයකින් දැක තිබූ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පචසා ඇති බව පැවැසේ. ඒ අනුව අහිකුණ්ඨක තරුණයකුට මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී අවස්ථා දෙකකදී ඔහුගේ මාර්ගයෙන් බිරියට පොළගෙකු දෂ්ට කිරීමට කටයුතු කළ බව ද සැකකරු වැඩිදුරටත් පොලිසියට පවසා ඇති බව කියති. පළමු අවස්ථාවේ පොළඟා දෂ්ට කළත් නිලධාරියා කීය.බිරිය මරා දැමීමට පසුගිය 30 වැනිදා උත්සාහ කර එම තැත වැළකී ගිය පසු ව්‍යාපාරිකයා එම ප්‍රදේශය අතහැර පළාගොස් තිබිණි. අහිකුණ්ඨක තරුණයා පොළගෙක් ද සමග සැකපිට එදිතම අත්අඩංගුචට ගනු ලැබීය. පළාගිය සැකකරු අනුරාධපුරය ප්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුණ ඔත්තුව මත සැකකාර ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ගම්පහ ප්‍රදේශයෙන් පළා ආ ව්‍යාපාරිකයා අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟවී සිට ඇති බව ද පැවැසේයි.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!