ජීවිතේම හිරගෙට නියම වූ කතට නිදහස ලැබේ

Spread the love
  •  
  •  
  •  
  •  

හෙරොයින් මත්කුඩු ග්‍රෑම්ස්‌ 45.3 ක්‌ ළඟ තබා ගැනීමේ චෝදනා එල්ලවී සිටි දෙදරු මවකට මීට වසර 09 කට උඩදී කොළඹ මහාධිකරණයෙන් නියම කර තිබූ ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම ඉවත් කර ඇය එම චෝදනාවෙන්ද නිදහස්‌ කිරීමට තීරණය කළ අභියාචනාධිකරණය මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ඇය ගොනු කළ ඇපෑල විභාග කර අවසන් කිරීමට මෙතෙක්‌ ප්‍රමාදවීම ගැනද කනගාටුව ප්‍රකාශ කළේය.
විත්තිකාරිය නිදහස්‌ කළ අභියාචනාධිකරණ තීන්දුවේ මෙසේද සඳහන් කර ඇත. විත්තිකාරිය මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක්‌ ගොනු කළේ මීට වසර 09 කට උඩදීය. ඇය මේ නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්වන විට දෙදරු මවකි. මේ ළඟදී ඇපෑල විභාග කර ඉවරයක්‌ කරන තෙක්‌ම ඒ කුඩා දරුවන් දෙදෙනා තනිකර දමා සිරගතව සිටින්නට ඇයට සිදු විය.
අභියාචනාධිකරණය විත්තිකාරිය හිරෙන් නිදහස්‌ කිරීමට තීරණය කළේ ඇයට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවී නැත යන පදනම මතයි.
විත්තිකාරිය කොළඹ මට්‌ටක්‌කුලිය කිඹුලාඇල පදිංචි කරුපයියා පුන්කොඩි නමැත්තියකි.
පැමිණිල්ලෙන් ප්‍රකාශ වූ අන්දමට පොලිසියට ලැබුණු ඔත්තුවක්‌ මත මත්කුඩු සොයා ඇයගේ නිවස වටලා ඇත. ඒ අවස්‌ථාවේ තවත් කාන්තාවක්‌ සමග නිවසේ ආලින්දයේ වාඩිවි සිටි විත්තිකාරිය පොලිසිය දුටු සැනින් නිවස තුලට දුව ගොස්‌ රිදී පැහැති පෙට්‌ටියක්‌ රැගෙන එළියට පැමිණ ඇත. පසුව එම පෙට්‌ටිය තුළ හෙරොයින් ග්‍රෑම්ස්‌ 45.3 තිබී සොයා ගෙන තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති ඒ. ඩබ්. ඒ. සලාම් එච්. එන්. ඒ. ඡේ. පෙරේරා, සුනිල් රාජපක්‍ෂ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඇපෑල විභාග විය.
විනිසුරු මඩුල්ල ගත් ඒකමතික තීන්දුව ලියා තිබුණේ විනිසුරු සලාම් මහතායි.
අධිනීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා නේජිත කෝරාලගේ, නාමල් කරුණාසේන, නිමේෂිකා පටබැඳිගේ, සශින් අර්සකුලරත්න හා උදාර මුහන්දිරම්ගේ යන නීතිඥවරු විත්තියට පෙනී සිටියහ.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!