ජීවිතය අහිමි කළ ප්‍රහාර මාලාව හිටපු ආරක්ෂක ලේකම් තරයේ හෙලා දකී – මහින්ද අසරණ ජනතාව අතරට(VIDEO)

ජීවිතය අහිමි කළ ප්‍රහාර මාලාව හිටපු ආරක්ෂක ලේකම් තරයේ හෙලා දකී – මහින්ද අසරණ ජනතාව අතරට(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

අද උදෑසන කාලයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් තමන්  ඉතා කම්පාවෙන් සහ තරයේ හෙළාදකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව මෙලෙස ප්‍රකාශ කර තිබුණා.අද උදෑසන කාලයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම්  මම ඉතා කම්පාවෙන් තරයේ හෙළාදකිමි. රජය සහ අදාළ රාජ්‍ය ආරක්ෂක ආයතන වහාම ජනතාවගේ ආරක්ෂාව සහ මහජන සාමය තහවුරු කිරීමට පියවර ගත යුතුය. මෙම කණගාටුදායක අවස්ථාවේදී ජනතාව අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා සියලු ආගමික නායකයන් එකතු වන මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිමි. බෝම්බ පිපිරීම් වලින් ජිවිත හානි සහ දේපල හානි සිදු වූ සියලුම ජනතාවට මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. මහත් කැපකිරීම් කර අප ලබා ගත් නිදහස ආරක්ෂා කර ගැනීමට අප සියලු දෙනාම වගකීමෙන් කැපවිය යුතුය.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!