” ජාතියක් මුලාවේ වැටේ….! -මුදල් රාජ්‍ය ඇමැතිගේ මහබොරුව අතේ පත්තු වෙයි “

” ජාතියක් මුලාවේ වැටේ….! -මුදල් රාජ්‍ය ඇමැතිගේ මහබොරුව අතේ පත්තු වෙයි “

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග හවුල් ව්‍යාපාරයක් සඳහා තමන් සාකච්ජා පවත්වා නැතැයි එමිරේට්ස් ගුවන් සමාගම ප්‍රකාශ කර තිබේ.ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග හවුල් ව්‍යාපාරයක් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සමග සාකච්ජා කරමින් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න මහතා පෙරේදා පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ප්‍රකාශ කළේය.මීට පිළිතුරු දක්වමින් එමිරේට්ස් ගුවන් සමාගම ඇරෙබියන් බිස්නස් ඩොට් කොම් වෙබ් අඩවියට පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ තිබෙන ගුවන් සමාගමක් හෝ ගුවන් තොටුපොළක කොටස් මිලදී ගැනීමට තමන්ගේ කිසිම සැලසුමක් නැති බව ය.මින් පෙර 1998දී එමිරේට්ස් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඩොලර් මිලියන 70ක කොටස් මිලදී ගත් අතර එය 2010දී ඔවුන් ඩොලර් මිලියන 53ක් යළිත් ශ්‍රී ලංකාවට ලබාදී ඇත.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!