“ජරාව” කෑ පොලිස් සැරයන් වසර 24 ක් බරපතල වැඩ ඇතිව ඇතුලට….

“ජරාව” කෑ පොලිස් සැරයන් වසර 24 ක් බරපතල වැඩ ඇතිව ඇතුලට….

Spread the love
  •  
  •  
  •  
  •  

අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් ළඟ තිබූ භාණඩ සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාව කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 25000 අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 23000 ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ කැකිරාව පොලිසියේ සැරයන්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
සිරඬුවමට අමතරව රුපියල් 30000 දඩයක්ද අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 23000 මුදල දණ්ඩනයක් වශයෙන්ද අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා දඩ මුදල් සහ දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
පොලිසියේ ඉහළ සිට පහළට සිටින මෙවැනි දුෂිතයින් නිසා පොලිසියේ කීර්තීනාමය කෙළසී ඇතැයිද පොලිස් නිලධාරීන් අල්ලසින් ඈත් කර තැබිය හැකි ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් අදාළ දඬුවම් නියම කළ විනිසුරුවයා විත්තිකරුට නියම කළ වසර 24ක බරපතල වැඩ සහිත සිරද`ඩුවම වසර 04ක කාලයකින් ගෙවී යන ආකාරයට ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!