“ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති”

“ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති”

Spread the love
  •  
  •  
  •  
  •  

නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට වාර්තා වේ.ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණි.ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු විය.තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් නිදහස් කුසලාන තරගාවලියෙන් ඉව ත් විමට සිදුවිය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!