ජනාධිපති සතු බලතල පළාත් ඇමතිවරුන්ට .ෆෙඩරල් එන්නේ මෙහෙමයි .

Spread the love
  •  
  •  
  •  
  •  

යෝජිත නව ව්‍යවස්ථාව අනුව පළාත් සභා පිළිබ‍ඳ තීරණ ගැනීමට මෙතෙක් ජනාධිපතිවරයාට පැවරී තිබු බලතල පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් වෙත පැවරී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

සම්පූර්ණයෙන්ම මධ්‍යම රජය සතුව පවතින බලතල මේ තුළින් වෙන්ව යනු ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

අද (20) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් නියෝජිත මාධ්‍ය හමුවට එක්වෙමින් වික්‍රමනායක මහතා මේ බව පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ රජය විසින් නිරන්තරයෙන් ඒකීය රාජ්‍ය නොබිදෙන බව කීවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර් ගතය තුළ එය සම්පූර්ණ වෙනස් කර ඇති බවයි. එමෙන්ම ජනාධිපතිවරයා ජනමත විචාරණයකින් තොරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන බව පැවසුව ද එසේ නම් රජය කාලයත් මුදලුත් වියදම් කර ඇත්තේ කුමක් සඳහා දැයි වික්‍රමනායක මහතා ප්‍රශ්න කර සිටියේ ය.

කෙසේ වුවද ව්‍යවස්ථා සම්පාදන අනුකමිටුවලින් ඉවත් වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැත් මේ දක්වා අස්වීමේ ලිපි භාර නොදුන් බව ද විදුර වික්‍රමානයක මහතා මෙහිදී පවසා සිටියේ ය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!