”ජනාධිපති තරුණයින් මුලා කරලා රටේ ප්‍රශ්න යට ගහනවා ..”අකිල කියයි

”ජනාධිපති තරුණයින් මුලා කරලා රටේ ප්‍රශ්න යට ගහනවා ..”අකිල කියයි

Spread the love
  • 41
  •  
  •  
  •  
    41
    Shares

අකිල විරාජ් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරුණ තරුණියන්ට රැකි රක්ෂා ලබා දෙන මුවාවෙන් ආණ්ඩුව ජනතා ගැටලු මඟහරිමින් සිටින බවයි.
පක්ෂ නායකත්වය පිළිබඳව මාද්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
“පක්ෂයේ විවිධ අදහස් හා මතවාද තියෙනවා, කරූ ජයසූරිය නායකත්වයට එකතු කරන්න කියනවා.
නායක ස්වාමින්වහන්සේලා මට දැනුවත් කළා.
මේ තිදෙනාම එකතු වෙලා යන්න ඕන කියලත් කියනවා.
සජිත්ට පමණක් සියල්ල දෙන්න කියන අයත් ඉන්නවා.
අවසානයේ අපි යායුතු ගමන තීරණය කරනවා.
පක්ෂය කැඩෙන්නේ නැති ඕන ක්‍රමයකින් අපි ඉදිරි තීරණ ගත යුතුයි.
පක්ෂයක වැදගත් එකමුතුකමයි.
හැමෝම එකතු කරන් යන්න උත්සාහ කරන්නේ”

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!