ජනාධිපති ගෝඨාභය වැඩ පිලිවලට එක්සත් ජාතීන්ගෙන් පැසසුම්..

ජනාධිපති ගෝඨාභය වැඩ පිලිවලට එක්සත් ජාතීන්ගෙන් පැසසුම්..

Spread the love
  • 93
  •  
  •  
  •  
    93
    Shares

ශ්‍රී ලංකාව යනු වර්ග කිලෝමීටර් 65510 තරම් වූ ඉඩකඩක් ඇති කුඩා දිවයිනකි.නමුත් ලොව අන්සියලු රටවල් පැරදවීමට හැකි තරම් වූ සම්පත් වලින් පිරි හරිත රටක් වන මෙහි සංවර්ධනය පිළිබද වගකිවයුත්තේ ජනතාව වන අපමය.මෙතෙක් කලක් දේශපාලනය ආගිය මග වෙනස් කරමින් නිවැරදිම දැක්මක්’ තීක්තිෂණ බුද්ධියක් ඇති නායකයකු අපට බිහිවී ඇත.මේ යුගය ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි.
(17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ හැනා සිංගර් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
දිළිදුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් කෙරිණි.
දිළිඳුකම පිටුදැකීම රජයේ ප්‍රධාන අරමුණකි. අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ලබාදීම සහ සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා නියෝජිතවරිය දැනුවත් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදීමට නියෝජිතවරිය පොරොන්දු වුවාය.
අදාළ පවුල්වල ජීවනෝපායමාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
තම දේශපාලන අභිලාෂයන්ට පටහැනිවිම හේතුවෙන් ද්‍රවිඩ දේශපාලනඥයන් එම පියවර ප්‍රතික්ෂේප කළද රජයේ අරමුණ වන්නේ අගතියට පත් පවුල්වල යහපත සැලසීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

(Visited 209 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!