
“ජනාධිපතිවරණයේදී ගෝඨාභට ප්රශ්නයක් නෑ”-මැතිවරණ කොමිසම අවධාරණය කරයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී ඡන්ද ප්රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය. මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනය යටතේ බව ද රාජපක්ෂ මහතා එම ලේඛනයේ ලියාපදිංචි වී ඇති බව ද හෙතෙම කීය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ලබා තිබූ කාලය පුරාම ද ශ්රී ලංකාවේ ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වී ඇති බව එම නිලධාරියා තවදුරටත් පැවසීය.
(Visited 214 times)