ජනාධිපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය රටට කියන්න…

ජනාධිපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය රටට කියන්න…

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය රටට කිවයුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ අභියෝග කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශය අනුව, අද රට පාලනය කරන්නේ කව්රුන්දැයි ප්‍රශ්නයක් පැන නගින බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ පැවසුවේය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ විසින් අද (13) දිනයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කළේය. ජනාධිපතිවරයා කතා වලින් නොව ක්‍රියාවෙන් රට පාලනය කළයුතු බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!