ජනපති සිරිසේන ඊයේ සමනළ බට්ටන්ට කුඩුවෙන්නම කියූ කථාව..(වීඩියෝ)

ජනපති සිරිසේන ඊයේ සමනළ බට්ටන්ට කුඩුවෙන්නම කියූ කථාව..(වීඩියෝ)

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්වෙන ජනමහිම රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සමයේ ඇතිවූ දේශපාලන පෙරලියට හේතු පැහැදිලි කළා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හැප්පෙන්නෙට නොව ඔහු පෙරලගෙන යා හැකි පුද්ගලයෙකු තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බවයි.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා තව දුරටත් කියා සිටියේ..”මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කළේ ගිය සතියේ. මාස දෙකක් සජිත්ට කිව්වා මම ප්‍රශ්න විසඳන්නම් කියලා. සජිතුත් කිව්වේ නායකතුමාත් එක්කමට හැප්පෙන්න බෑ කියලයි. ඒ නිසා මට ගැලපෙන මිනිහෙක් හෙව්වා. කරූ බෑ කිව්වා අගමැතිකම, රනිල් එක්ක හැප්පෙන්න බෑ කියලා කියපු අගමැතිකම රනිල් එක්ක හැප්පෙන්නෙ නෙමෙයි රනිල් පෙරලගෙන යන්න පුළුවන් නායකයෙක් මම අගමැති කළා.විදේශීය න්‍යාය පත්‍රවලට අපට වැඩ කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ආර්ථික දර්ශනය අහිසංක ජනතාව ගැටලුවට පත්කළා. රනිල් වික්‍රමසිංහ මහතා සමනල ජීවිතයකට ඇතුළත් වුණා. ආණ්ඩුවේ තිරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා හා සමනල රැළයි. රනිල් වික්‍රමසිංහ මහතා ගියාද මහ නායක හිමිවරුන් හමුවෙන්න ගියාද…? ජයශ්‍රී මහා බෝධියට ගියාද…? කාදිනල් හිමියන් හමුවෙන්න ගියාද…? රනිල් වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාල ඉදිරිපට දණින් වැටිලා ඉන්නවා.මම තනියම තීන්දු අරගෙන නෑ….. නිත්‍යානුකූලවයි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළේ…… රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කළේ…… කැබිනට් මණ්ඩලය ඉවත් කළේ……. නව ඇමතිවරු පත්කළේ……… නීතිමය ප්‍රශ්ණයක් තිබෙනවානම් ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්”යන්නයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!