ජනපතිගේ තවත් සිහිනයක් බොඳ වෙයි

ජනපතිගේ තවත් සිහිනයක් බොඳ වෙයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට දෙවසරකට පෙර රුපියල් මිලියන 60ක මුදලක් වැයකර  හිඟුරක්ගොඩ   ප්‍රදේශයේ  ඉදිකිරීම් ආරම්භ කළ අංග සම්පුර්ණ ක්‍රිකට් ක්‍රිඩාංගණය   ක්‍රිකට් පාලක මණ්ඩලය  විසින් සහ එහි ඉදිකිරිම් කටයුතුවල නිරත  කොන්ත්‍රාත්කරුවන් විසින්  විනාශයට පත් කර ඇති බව පොළොන්නරු දිස්ත්‍රික්  ක්‍රිකට් සංගමයේ ලේකම්  සහ ඉදිවන නව ක්‍රිඩාංගනයේ අධික්ෂණ කමිටු සාමාජික  ලලිත් නන්දන මහතා  පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වසර 14ක කාලයක් පොළොන්නරු ක්‍රිකට් සංගමයේ  සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබිණි. එහිදී පොළොන්නරුවේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ඔහුගේ සිහිනයක් වී ඇත. එවකට ශ්‍රි ලංකා ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති වූ තිලංග සුමතිපාල මහතා 1998 දී  පොරොන්දු වූ  පරිදි  වසර 19කට පසු හිඟුරක්ගොඩ රජයේ ගොවිපොළට අයත් භූමියෙන් අක්කර 45ක භූමි ප්‍රමාණයක  මෙම ක්‍රිඩාංගණය  ඉදිකිරිම් කටයුතු ආරම්භ කරමින්  සඳහා  2017 වසර මැද භාගයේ ඊට  මුල් ගල  තැබීම  සිදුකෙරිණි. 

(Visited 93 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!