ජනපතිගෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

ජනපතිගෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පැනවූ ඇඳිරි නීතිය ලිහිල් කිරිමට රජය පියවර ගෙන ඇත. නමුත් මෙම කාලය තුලදී තම සේවා ස්ථානයට වාර්තා කිරීම, අත්‍යාවශ්‍ය සේවා සැපයීම හැරුණු කොට අත්‍යාවශ්‍ය නොවන දෑ වෙනුවෙන් මඟතොට හැසිරීම නොකළ යුතුය. මෙම තීරණයට එළෙබීම සඳහා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ සතුටුදායක තත්ත්වය සළකා බැලූ අතර පුද්ගල ආර්ථිකය නොවැටී පවත්වාගෙන යෑම කෙරෙහි මම විශේෂ අවධානයක් යොමු කළෙමි. මේ අවස්ථාවේදී ඉතා වගකීමෙන් කටයුතු කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමකි. සෞඛ්‍ය බලධාරීන් විසින් සපයා ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසිලෙස පිළිපදිමින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහයවන මෙන් මම ඔබෙන් කාරුණිකව ඉල්ලමි.

(Visited 181 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!