ජනපතිගෙන් අඩු අදායම් ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර සදහා ඉලෙක්ට්‍රොනික කාඩ්පතක්

ජනපතිගෙන් අඩු අදායම් ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර සදහා ඉලෙක්ට්‍රොනික කාඩ්පතක්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
මෙම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදීගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථීර රැකියාවක් නොමැති සහ වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින්, වැන්දඹු පවුල්, ස්ථීර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතල රෝගාබාධයන්ගෙන් පෙලෙන්නන් සිටින පවුල්වලට මෙම හිමිකම ලැබෙන බව සඳහන් වේ.
සීනි, තේ කොළ, සහල්, පිටි, පරිප්පු, කඩල, ළූණු, මිරිස්,කරවල, අල සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබා දීම මෙහිදීසිදු කෙරෙයි.
ලංකා සතොස, සමූපාකාර ‍වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළඳසැල් මගින් ආහාර පහසුවෙන් මිලදී ගැනීමට මෙහිදී මූලික වශයෙන් අවස්ථාව සැලසෙනු ඇති.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!