ජනතාවනි අවදියෙන්…ආණ්ඩුව ජනහඳ හදුනන මහජන බැංකුවට හුරේ දැමීමට සැරසෙයි

ජනතාවනි අවදියෙන්…ආණ්ඩුව ජනහඳ හදුනන මහජන බැංකුවට හුරේ දැමීමට සැරසෙයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

මහජන බැංකුව සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති 1961 අංක 29 දරන පනත සංශෝධනය කර මහජන බැංකුව පිළිබඳව රජයේ වගකීමන් නිදහස් වීමට වත්මන් රජය උත්සාහ කරන බවට සමස්ත ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි. කොළඹදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා මෙලෙස චෝදනා කළේය. මේ රජයේ උත්සාහය අපි පරාජය කරනවා. 22දා මහජන බැංකුව ඉදිරිපිට අපි විරෝධතා  උද්ඝෝෂණයක් පවත්වනවා. මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සැප්තැම්බර් 15දා පාර්ලිමේන්තුව ඉදිරිපිටදීත් අපි විරෝධතා දක්වනවා. ඒකට ආණ්ඩුව ඇහුම්කන් නුදුන්නොත් සියලු ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති සම්බන්ධ කර ගෙන රට පුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද සමරසිංහ මහතා කීවේය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!