චීනයට සහ සෞදියට යන ගුවන් ගමන් නවතා දමයි

චීනයට සහ සෞදියට යන ගුවන් ගමන් නවතා දමයි

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය හා සෞදි අරාබිය වෙත සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ අනුව චීන‍යේ බීජින්, ෂැන්හායි සහ ග්වැන්ෂෝ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මාර්තු 10 වන දින සිට අප්‍රේල් මස 30 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවනු ඇති බව වාර්තා වෙයි.
ඊට අමාතරව සෞදි අරාබියේ ජෙඩා වෙත මාර්තු 15 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා ගුවන් ගමන් අත්හිටුවිමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේය.
කෙසේවෙතත් පවතින තත්ත්වය යහපත් වුවහොත් අප්‍රේල් මස 30 වන දිනට පෙර යළි ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 129 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!