ගෝතමාලාවේ ෆුයේගෝ ගිනි කන්ද විදාරණයෙන් 62 ක් මරුට…

ගෝතමාලාවේ ෆුයේගෝ ගිනි කන්ද විදාරණයෙන් 62 ක් මරුට…

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ගෝතමාලා රාජ්‍යයේ පසුගියදා ෆුයේගෝ ගිනි කන්ද විදාරණයත් සමග පුද්ගලයන් 62 නෙක් මියගොස් ඇති අතර අතුරුදන් වූ මිනිසුන් සොයා එරට හමුදාව සහ ගිනි නිවන හමුදාව දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබේ.ෆ්යුගෝ ගිනි කන්ද පසුගිය ඉරිදා දින විදාරණයත් සමග නොකඩවා වෑහෙන ගිනියම් වූ පාෂාණ, අළු සහ මඩ සමග ගම්මාන රැසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.මෙම සිදුවීමෙන් නිවාස හා ගේ දොර අහිමි වීමෙන් අවතැන් වූ දහස් ගණනක පිරිස තාවකාලික කූඩාරම් තුළ රඳවා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.මෙම ගිනි කන්ද විදාරණයත් සමග කිලෝමීටර් 10ක් පමණ ඉහළ අහසට යමහල් විසිරී ඇති බවද සඳහන් වේ. පාවහන් දවන තරම් උණුසුම් ගිනි කඳු ධූලි සහ ලාවා හේතුවෙන් 3200 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇත.1974 වසරින් පසුව මෙම ගිනි කන්ද ආශ්‍රිතව ඇති වූ දරුණුතම විදාරණය මෙය ලෙසද සැලකෙයි.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!