ගෝඨාභ ඝාතන කුමන්ත්‍රණ හඬ පටයේ හඬට පුජිතගේ හඬ සැසදෙයි(වීඩියෝ)

ගෝඨාභ ඝාතන කුමන්ත්‍රණ හඬ පටයේ හඬට පුජිතගේ හඬ සැසදෙයි(වීඩියෝ)

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව පවතින සාක්ෂි ඇතුළත් සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම නඩුව අවසන් වරට කැඳවු පසුගිය 06 වනදා නිතීපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දුන්නේ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.
එමෙන්ම මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය හෙළ කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ලබාදුන් හඬ පටයේ තිබූ කටහඬ, පොලිස්පති පූජිත් ජයසුන්දරගේ බවට රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනයේදී තහවුරු වී තිබෙනවා.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!