“ගෝඨාභය රාජපක්‍ෂ ශ‍්‍රීලනිපයේ දෙවෙනියා කරනවා…” – ඇමැති ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න

“ගෝඨාභය රාජපක්‍ෂ ශ‍්‍රීලනිපයේ දෙවෙනියා කරනවා…” – ඇමැති ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරියේ දී ශ‍්‍රීලනිපය දෙකට නොබෙදී රාපක්‍ෂලත් එක් කර ගෙන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ නායකත්වයෙන් මේ රටේ අපේ ආණ්ඩුවක් පත්කර ගන්නට හැකිවෙනවාය යන විශ්වාසය ඇතිකර ගත හැකි යැයිද කම්කරු ඇමැති ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න පැවසීය.
දිනේෂ් ගුණවර්ධනලා, විමල් වීරසිංහලා, ගම්මන්පිලලා තමයි අද ශ්‍රීලනිපය මෙහෙයවන්නේ. අපේ කණ්ඩායමත් ඔහේ ඒ ගොල්ල යන පාරේ යනවා. ඒ ගොල්ල වළේ බැස්සොත් වළේ බහිනවා. කානුවෙ බැස්සොත් කානුවේ බහිනවා. ඒ ගොල්ලෝ වෙන කොහේ හරි ගියොත් එහෙ යනවා. ඒ වගේ තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.
විවිධ පක්‍ෂවලින් සමන්විත ඒකාබද්ධ විපක්‍ෂයේ ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමට නිසි නායකත්වයක් නැති නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිපයේ දෙවැනි නායකයා ලෙස පත් කර ගෙන පක්‍ෂය එක්සේසත් කිරිමේ ක‍්‍රියාවලියක් අරඹා එහි ‘නාඩි බැලීම’ මේ දිනවල සිදුකරගෙන යන්නේ යැයි සෙනෙවිරත්න පැවසීය.
ශ්‍රීලනිප කොලොන්න බල මණ්ඩල හමුවක දී සෙනෙවිරත්න මේ බව පැවසීය.
හිටප ජනාධිපතිනි චන්‍ද්‍රීකා කුමාරතුංග මහත්මියගේ රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධිකාරක සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශාන්ත රත්නායක මහතාගේ මුලිකත්වයෙන් මෙය සංවිධානය කරති.
එහිදී ඔහු මෙසේ ද කීය.
‘ඒ නිසා අපි කල්පනා කළා ශ‍්‍රීලනිපය තවත් ශක්තිමත් කරන්න. ජනාධිපතිතුමා මේ පක්‍ෂයේ නායකයා. අපි කැමතිවුණත් නැති වූණත් අවරුදු පහකට මේ රටේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා. සමහරු කියනවා එයා කතාකරන්නේ නෑ, හිනහ වෙන්නේ නෑ, අපි දිහා බලන්නේ නෑ කියලා. ඒ මොන අඩුපාඩුකම් තිබුණත් මේ රටේ ජනතාව එතුමා ජනාධිපතිකමට තෝරාගෙන තියනවා.‘
‘ඒ නිසා ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් සතුටු වෙන්න ඕනැ අපේ පක්‍ෂයේ සභාපති රටේ ජනාධිපති කියලා. එනිසා එතුමා අපේ පැත්තට ගන්න ඕනෑ. මහජන මතයට, මහජන හැ`ගීම්වලට, මහජන අවශ්‍යතාවන් වලට වැඩ කරන කෙනෙක් බවට පත් කරගන්න ඕනෑ.‘
‘ඒ වගේම අර විපක්‍ෂයේ ඉන්න ශ‍්‍රීලනිප කණ්ඩායමට නායකත්වය දෙන්න අලූත් නායකත්වයක් බිහි කරන්න අත්‍යවශ්‍යයි. පැරණි ක‍්‍රමයට මේ පක්‍ෂයට යන්න බෑ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද වෙනස් වන්නට ඕනෑ. එජාපය අද වෙනස් වෙලා. කරු ජයසුරියලා, සජිත් පේ‍්‍රමදාසලා වගේ අයගෙන් අද පක්‍ෂයේ වගකීම තරුණ කොටස්වලට දීලා. මේක දුරදිග බලලා තව අවරුදු පහක් දහයක් තුල ආණ්ඩුවක් පිහිටුවන්න තමයි ඒක කරන්නේ.‘
‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ දෙවැනි නායකයා හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කරලා ඉදිරියට යන්න අදාල පුද්ගලයන් සමග මම සාකච්ඡා කර තියනවා. එතුමා විශාල වැඩ කොටසක් කළා. යුද්ධය මෙහෙයවුයේ එතුමා. යුද්ධය දිනීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහත්තයාට වගේම ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයටත් ලැබිය යුතුයි. විවිධ අංශ වලින් එතුමා සිය දස්කම් දැක්වුවා. නාගරික සංවර්ධන අධිකාරිය හරහා නගර දියුණු කරලා තියනවා.‘
‘සමහරුන් කියනවා එතුමා යුද හමුදාවේ සිටිය නිසා යුදමය මානසිකත්වයක් තියෙන්නේ කියලා. ඒක වෙන්න පුළුවන්. යමක් කරන්න කියලා නොකරනවා නම් එයාට දඩුවම් කරන්න ඕනෑ. යුද හමුදාවේ විනය තියෙන්නේ එහෙමයි. ඒක තමයි අණ දෙනවා කියන්නේ. දැන් එයා ඒ රාමුවෙන් ඉවත්වෙලා. අපි ඔහුට විශ්වාසයක් ඇති කරන්න ඕනෑ අපි ඔහු සමග ඉන්නවා කියලා. ඒ වගේම මහින්ද රාපක්‍ෂ මහත්තයාගේ අනුග‍්‍රහය ආශිර්වාදය ගෝඨාභය රාපක්‍ෂ මහත්තයට ලැබෙනවා. මම හිතන්නේ ඒක එච්චර අමාරු වෙන දෙයක් නෑ. අපි යම් යම් සාකච්ඡා කරගෙන යනවා. යම් යම් තැන්වල නාඩි තවම අපි බලමින් යනවා.‘

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!