“ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් කරන්න ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි- ඔහු අවොත් දෙමළ ජාතිකයන්ගේ අඳුරු යුගය ආරම්භ වෙනවා සත්තයි”-විග්නේශ්වරම්

“ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් කරන්න ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි- ඔහු අවොත් දෙමළ ජාතිකයන්ගේ අඳුරු යුගය ආරම්භ වෙනවා සත්තයි”-විග්නේශ්වරම්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

සිංහල බෞද්ධ තේමාවේ සිටින ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවැසීය.  හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ යාපනයේ ඒ මහතාගේ නිවෙසේදී (17දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.  එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද පැවැසීය. “සැබවින්ම දෙමළ ජාතිකයකු නම් කිසි දිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දෙන්නේ නැහැ. මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියෙනවා. ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක්. එය තහවුරු කරන්න. ඔහු ඕනෑම ප්‍රචණ්ඩ කියාවක් කරයි. එමෙන්ම ඔහුප්‍රජාතන්ත්‍රවාදීව සිතන කෙනෙක් නෙමෙයි.  එවැනි පුද්ගලයකු ජනාධිපති අපේක්ෂක වශයෙන් මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළේ ඇයි දැයි මම නම් දන්නෙ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් දෙමළ වැසියන්ට අඳුරු යුගයක් උදා වෙනවා. 

(Visited 60 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!