ගෝඨාභය මහතාට එරෙහි නඩුව විභාග කෙරෙයි.

ගෝඨාභය මහතාට එරෙහි නඩුව විභාග කෙරෙයි.

Spread the love
  •  
  •  
  •  
  •  

ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් අද (31) උදෑසන කැඳවනු ලැබුවා.

එම නඩුව වූයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ නඩුවයි.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ මෙම නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට විත්තියේ නීතිඥවරුන් මීට පෙර ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට නීතිපතිවරයා පිළිතුරු සැපයීම ද අද ආරම්භ කළා.

එහිදී මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය අධිකරන සංවිධාන පනත තුළින් ස්ථාපිත කර ඇති බවත් එම පනතට සංශෝධන ගෙන එනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයකින් බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නා.

එසේම මෙම අධිකරණයේ ගොනු කරන නඩු නීතිපතිවරයාගේ තනි අභිමතයට පමණක් ගොනු කළ නොහැකි බවද පැවසූ දිලීප පීරස් මහතා අගවිනිසුරුවරයාගේ ද අනුමැතිය ලැබීමෙන් පසු නඩු ගොනු කරන බවද පැවසුවා.
රාජ්‍ය ආයතනයක මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇති බවත් කී ඔහු එවැනි වරදක් ආර්ථික සහ මූල්‍ය වරදක් නොවන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියා.

එම නිසා මෙම නඩුව විමසීමට මෙම අධිකරණයට කිසිඳු බාධාවක් නොමැති බවත් මේ වන විටත් විත්තිකරුවන් විදේශ ගත වීමට අවසර ඉල්ලා සිටීමෙන් අධිකරණයේ බලය ඔවුන් පිළිගෙන ඇති බවට ඔප්පු වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී, කේමින්ද ආටිගල , ඒබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය අද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!