ගොඩකලවෙලදී මාරක රිය අනතුරක්-තුවාල කරුවන් රෝහල් වෙත

ගොඩකලවෙලදී මාරක රිය අනතුරක්-තුවාල කරුවන් රෝහල් වෙත

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි   පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් කළ බව රක්වාන පොලිසිය කියයි.අනතුරට පත් බස් රථයේ පිරිස මාතර හක්මන ප‍්‍රදේශයේ  පදිංචි සිට අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ මංගල උත්සවයකට  සහභාගි වී නැවත  මාතර ප‍්‍රදේශය දක්වා යමින්  සිටියදී  ගොඩකවෙල ගලහිටියේදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.අනතුරින් තුවාල ලැබූ පිරිස ගොඩකවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබේ. එම තුවාලකරුවන් අතරින්  කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සදහා කහවත්ත මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලිසිය කියයි.

(Visited 71 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!