“ගූගල් බැලුන් වීරයා ඇමතිකමෙත් නෑ”- කැපිල ගිය ඩිජිටල් ලොක්කා ගැන සැඟවුණු කතාව මෙන්න.

“ගූගල් බැලුන් වීරයා ඇමතිකමෙත් නෑ”- කැපිල ගිය ඩිජිටල් ලොක්කා ගැන සැඟවුණු කතාව මෙන්න.

Spread the love
  •  
  •  
  •  
  •  

ගූගල් ලූන් පිළිබඳව ද ඇතැමුන් කිසිදු වැටහීමකින් තොරව කරුණු සඳහන් කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාගේ කාර්යාලය පවසනවා.ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු අදාළත්වයක් නොමැති උත්සවයක් ද ගූගල් ලූන් ව්‍යාපෘතියට කළ වියදම් ලෙස අර්ථදක්වා ඇති බවය.ගූගල් ලුන් google වෙතින් නොමිලේ ලැබුණු ව්‍යාපෘතියක් වන අතර බැලුම උඩ ඇරීම ඇතුළු සියලු දේ සඳහා ජනතා මුදල් ලබා නොගත් බව ඔවුන් පෙන්වා දුනි.
මේ ව්‍යාපෘතිය දියත්කිරීම වෙනුවෙන් පැවති අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට රුපියල් 450,000ක් වැය කළ බව ඇතැමුන් සඳහන් කළත් ගූගල් ලුන් වෙනුවෙන් එවැනි උත්සවයක් නොපැවැත්වූ බවත් ඔවුන් සඳහන් කර ඇත.2015 ජුලි 28 දින අරලිය ගහ මන්දිරයේ පැවැත්වූ බව කියන උත්සවය ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධ උත්සවයක් මිස ගූගල් ලුන් සම්බන්ධ උත්සවයක් නොවන අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඒවනවිට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා නොවන බවද අමාත්‍යාංශය පෙන්වා දුනි. එම උත්සවයේ ආරාධනා පත්‍රය පහතින් දැක්වෙනවා.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!