ගිවිසුම් ගහන්නේ විශ්වාසයක් නැති කමට- නමුත් ජනතාව රැවටිය නොහැකියි-සුසිල්

ගිවිසුම් ගහන්නේ විශ්වාසයක් නැති කමට- නමුත් ජනතාව රැවටිය නොහැකියි-සුසිල්

Spread the love
  •  
  •  
  •  
  •  

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් අත්සන් තැබීමෙන් හෙළිවන්නේ මෙම කිසිදු පාර්ශවයක් අතර විශ්වාසය නැති බව යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයට පෙරත් මෙම පාර්ශව ගිවිසුම් වලට අත්සන් තැබූ බවත්, එහෙත් එම ගිවිසුම් වලට අනූවද ඔවුන් කටයුතු නොකළ බවත් ‍ඒ මහතා කියයි.

මෙලෙස ගිවිසුම් අත්සන් කිරීමෙන් පෙනෙන්නට ඇත්තේ මෙම කිසිදු පාර්ශවයකට ඔවුනොවුන් ගැන විශ්වාසයක් නැතිවීම යැයි ඒ මහතා අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියා මීට පෙරත් ගිවිසුම් ගැසූ නමුත් එයද ඵලක් නොවුණු බවත්, 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා කැපවීමක් නොකළ බවත්, තොරතුරු දැන ගැනීමේ පනත පවා සුදානම් කර තිබූ නමුත් පාර්ලිමේන්තුවට නොගෙනා බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

මෙම කාරණාවලින් පැහැදිලි වන්නේ එකී පාර්ශව අතර විශ්වාසයක් නැති නිසා ගිවිසුම් ගසන බව යැයිද, එවැනි ගිවිසුම්වලින් ජනතාව රැවටිය නොහැකි බවද, ඔහු පැවසුවේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන්නේ “අයියයි මල්ලී වගේ” යැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට වඩා හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ එළිදැක්වූ බවයි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!