“ගැටලු වලට විසඳූම් ලබා දීමට රජය අපොහොසත්…” – දැඩි තීන්දුවක් ඉදිරියේදී ගැනීමට වෛද්‍යවරු සුදානම්

“ගැටලු වලට විසඳූම් ලබා දීමට රජය අපොහොසත්…” – දැඩි තීන්දුවක් ඉදිරියේදී ගැනීමට වෛද්‍යවරු සුදානම්

Spread the love
  •  
  •  
  •  
  •  

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැනට උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ගනු ලබන ඕනෑම තීරණයකට එකඟවීමට සියලු වෛද්‍යවරුන් තීරණය කර ඇත. එම තීරණය බොහෝ විට අඛණ්ඩ වැඩ වර්ජනයක් විය හැකි බවද එසේ වර්ජනයක් දියත් කළහොත් එය රෝගී ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය හා රට බේරා ගැනීමට දියත් කරන වර්ජනයක් බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය නලීන්ද හේරත් පැවසුවේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර සඳහා තවත් පුද්ගලයෙකු පත් කිරීම ඉන්දීය සමාගමක් සමග එක්ව රට තුළ ක්‍රියාත්මක කරන ගිලන් රථ සේවාව වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් රෝහල් අධ්‍යක්ෂවරුන් ලෙස පත් කිරීම සහ වෛද්‍යවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා නොදීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදීමට රජය අ‍පොහොසත් වී ඇති බැවින් දැඩි තීන්දුවක් ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බව වෛද්‍ය හේරත් කීවේය.
මේ වන විට රජය රටට මෙන්ම සෞඛ්‍ය සේවාවට හානි දායක සේවාවන් රැසක් සිදු කරමින් පවතින බැවින් එයට විරුද්ධව නැගී සිටීමට පසුබට නොවන බවද හෙතෙම සඳහන් කළේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!