ගහන්න ගහන්න ඉවසන්නේ ආණ්ඩුව නෝන්ජල් නිසා නෙමෙයි…..ඒක පරිණත දේශපාලනය…..!

ගහන්න ගහන්න ඉවසන්නේ ආණ්ඩුව නෝන්ජල් නිසා නෙමෙයි…..ඒක පරිණත දේශපාලනය…..!

Spread the love
  •  
  •  
  •  
  •  

ඡන්දයක් කිරීමට මුදල් ගත් පිරිස මතුකර දක්වමින් රටේ සල්ලි හොරකම් කළ පිරිස ජනතාවට අමතක කරවීමට සමහර මාධ්‍ය ලොක්කන් පුවත් නිර්මාණය කරමින් සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.ඊයේ (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති අධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ආණ්ඩුව තුළ පවතින්නේ පරිණත් ප්‍රජාතන්ත්‍රවාදය බවයි.“හැමෝම හිතන්නේ මේ ආණ්ඩුව නෝන්ජල් ආණ්ඩුවක්. කොන්ද පණ නැති ආණ්ඩුවක් කියලා. ජනාධිපති ගහනවා ෆේස් බුක් එකේ, ඇමතිවරුන්ට ගහනවා, මඩ ගහනවා, මාධ්‍යයට ඕන දේවල් ලියන්න පුළුවන්. ටී වී වලට ඕන විදියට පෙන්නන්න පුළුවන්. ඒ ගොල්ලන්ට ඕන විදියට නිවුස් හදන්න පුළුවන්. එතකොට බලන මිනිස්සු හිතනවා චිකේ මේක හරි නෝන්ඩි ආණ්ඩුවක් කියලා. නෑ ඒක තමයි පරිණත ප්‍රජාතන්ත්‍රවාදය. දැන් ලංකාවේ ලොකුම හොරු වෙලා තියෙන්නේ ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත අය තමයි ලංකාවේ ලොකුම හොරු වෙලා තියෙන්නේ. හැබැයි රටේ මිනිස්සුන්ගෙන් අල්ලි හොරකම් කරපු උන් හොඳ වෙලා තියනවා. මේක තමයි නියම ජෝක් එක. අනේ ප්‍රශ්නයක් නෑ. දැ හිතයි මම මේ බයේ කියනවා කියලා. දන්න තරමින් නම් නම නෑ. ඔය මාධ්‍ය වල ඉන්න ලොකු ලොකු අය ප්‍රවෘත්ති මවනවා. ඒගොල්ලෝ නිවුස් හදලා කරලා මවලා දෙනවා. ඒකෙන් හැමදේම අමතක කරලා ඇලෝසියස් මාතෘකාව විතරක් හදලා දෙනවා. මේක මේ රටේ අහිංසක මිනිස්සු රවටන ගේම් එකක්.” අමාත්‍යවරයා පවසා සිටියා

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!