ගල්කිරියාගම ප්‍රදේශයේ ගෙමිදුලක පිළිස්සුනු මළ සිරුරක්

ගල්කිරියාගම ප්‍රදේශයේ ගෙමිදුලක පිළිස්සුනු මළ සිරුරක්

Spread the love
  •  
  •  
  •  
  •  

ගල්කිරියාගම පලාගල මිරිහම්පිටිගම ප‍්‍රදේශයේ ඊයේ(13) පස්වරුවේ ගෙමිදුලක තිබී හමුවූ පිළිස්සුනු කාන්තා මළ සිරුරක් හමුවී තිබේ.මිය ගොස් ඇත්තේ අදාළ නිවසේ පදිංචිව සිටි ඩබ්ලිව්. රීටා මානෙල් ප‍්‍රනාන්දු නමැති 60 හැවිරිදි කාන්තාව බව හදුනාගෙන ඇත.
මිය ගිය කාන්තාව හා ඇගේ දියණිය හා මිණිපිරිය එම නිවසේ වාසය කර ඇතැයි ද එම මරණය සිදුවන අවස්ථාවේ එම නිවසේ සිට ඇත්තේ මිය ගිය කාන්තාව පමණක් බව සදහන් වේ.
මළ සිරුර වැටී තිබූ ස්ථානයට යාබදව පිහිටි නිවසේ සාලයේ තිබී ගිණි පෙට්ටියක් හා කුප්පි ලාම්පුවක් ද භූමිතෙල් අඩංගු බෝතලයක් ද පොලිසියට හමු වී තිබේ.
මිය ගිය කාන්තාව කළක් තිස්සේ මානසික රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ලබා ගෙන ඇතැයි ද සිදුකළ මූලික විමර්ශණ වලදී හෙළිවී ඇති බවයි පොලිසිය පවසයි.
මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර මෙය සිය දිවි නසා ගැනීමක් ද මිනී මැරුමක් ද යන්න සොයා බැලීමට පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු වල නියැලේ.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!