” ගම්මන්පිලටත් ඩිපෙන්ඩර් මරණ බියක්-බිරිද හා දරුවන් ලංකාවෙන් පලා යයි..”

” ගම්මන්පිලටත් ඩිපෙන්ඩර් මරණ බියක්-බිරිද හා දරුවන් ලංකාවෙන් පලා යයි..”

Spread the love
  •  
  •  
  •  
  •  

සති අන්ත පුවත්පතක් හා එක් උදය ගම්මන්පිළ මහතා අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.‘මවුපියන් මම විදේශගත කර ඇති බව කියන එක පට්‌ටපල් බොරුවක්‌. මගේ නංගි ජීවත් වන්නේ ඇමරිකාවේ. ඒ නිසා මගේ අම්මත් තාත්තත්, අනිත් දරුවන් ළඟ වගේම නංගි ළඟත් මාස දෙක තුන කාලය ගත කරනවා. ඔවුන් ඒ රටේ ස්‌ථිර පුරවැසියන් නෙමෙයි.ඔය ප්‍රශ්න කරන අය ඒ ගැන අහන්න ලැඡ්ජා විය යුතුයි. ඒ මක්‌නිසාද කියනවා නම් ඔවුන් නිසා තමයි ඒ අය විදේශගතව සිටින්නේ. මගේ බිරිඳගේ දුරකථනයට කතා කර, ඔවුන් මගේ දරුවන් මරා දමන බවට තර්ජනය කළා. දරුවන් පිටුපස ඩිෙµන්ඩර් එන්න ගත්තා.බොරැල්ල පොලිසියට පැමිණිලි කර වසර දෙකකට වැඩියි. නමුත් විමර්ශන තවම නැහැ. දරුවන්ට තර්ජනය කරන අයගේ අරමුණ වුණේ දරුවන්ටත් බිරිඳටත් හිරිහැර කිරීම හරහා මම ඔවුන් රැගෙන පිටරට යාවි කියලයි. දේශපාලනය කරන්නේ මම. මගේ දේශපාලනය නතර කරන්න දරුවන්ගෙන් පළිගැනීමට නම්, බුද්ධාගම මත පදනම් වුණාය කියන දේශපාලන පක්‍ෂයකට නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ’ යන්න කියාය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!