ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්”හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?

ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්”හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

ජාතික පැරාලිම්පික් කමිටුව මඟින් සංවිධානය කරන ලද පැරාලිම්පික් ජාතික සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලිය පසුගිය දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.මෙහිදි හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වට සහභාගි වූ දිනේෂ් ප්‍රියන්ත මීටර් 63.70ක දුරක් වාර්තා කරමින් 2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 63.97ක දුරක් හෙල්ල විසි කරමින් ඉන්දීය ක්‍රීඩකයකු විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවට ආසන්නයට පැමිණීමට සමත් වීම කැපීපෙනිණි.පැරාලිම්පික් ජාතික සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනකු පමණ සහභාගි වී ඇති අතර ඉන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනකු පැරාලිම්පික් ජාතික සංචිතය සදහා තෝරාගෙන ඇත.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!