“ගණන් ගන්න එපා…රනිල් පැරදුනත් අගමැතිකමේ අයිතිය එජාපයටමයි”-සිරිසේන සහතික වෙයි

“ගණන් ගන්න එපා…රනිල් පැරදුනත් අගමැතිකමේ අයිතිය එජාපයටමයි”-සිරිසේන සහතික වෙයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ගැන විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ නියෝජිතයින් කිහිප දෙනෙකු අතරපවත්වා තිබෙනවා. තොරතුරු වාර්තා වෙන අන්දමට ඊට එක්ව සිට ඇති එක්සත් ජාතික පක්ෂ විශේෂ නියෝජිතයින් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන පිරිසයි.මෙහිදී ජනාධිපතිවරයා සමග පැවැති දීර්ඝ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වාසභංගයේදී අගමැතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන් කටයුතු කරන බවයි. කෙසේවෙතත් කුමණ හෝ හේතුවකින් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ හොත් ඉන් පසුව පත් කෙරෙන අගමැතිවරයා වන්නේද එක්සත් ජාතික පක්ෂයේම අයෙකු බවත් සහතික වී තිබෙනවා.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!