ගංවතුරෙන් කොටුවී සිටි ආච්චි අම්මාව දුෂණය කරලා

ගංවතුරෙන් කොටුවී සිටි ආච්චි අම්මාව දුෂණය කරලා

Spread the love
  •  
  •  
  •  
  •  

ජල ගැල්මෙන් කොටුවී සිටින මල්වානේ පහළ මාපිටිගම ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකට පෙරේදා (28 වැනිදා) පස්‌වරුවේ ලිංගික අතවර සිදුකිරීමට 45 හැවිරිදි තිදරු පියකු තැත් කර තිබේ.
පහළ මාපිටිගම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන මෙම සැකකරු දැන් ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇත.
පෙරේදා (28 වැනිදා) පස්‌වරුවේ එම කාන්තාව පයින් ගමන් කරන විට මෙම සැකකරු ඇය ඒ අසල රඹුටන් වත්තකට ඇදගෙන ගොස්‌ අතවර කිරීමට තැත් කර තිබේ. ඒ අවස්‌ථාවේ ඒ අසලින් ගිය පුද්ගලයන් දෙදෙනකුට ඇය කෑ ගසන ශබ්දය ඇසී එතැනට එන විට මෙම සැකකරු දිවගොස්‌ සැඟවී ඇත.
සිද්ධිය දැනගත් වහාම පොලිසිය එම ස්‌ථානයට පැමිණ වැටලූ අවස්‌ථාවේ සැකකරු ගංවතුරට පැන පීනා පලාගොස්‌ ඇත.
මේ සිද්ධිය ගැන විමර්ශනය කරන දොම්පේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ජී. එම්. රණතුංග හා අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක තුසිත ජයකොඩි යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරති.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!