ක‍්‍රිකට් මහ පුටුව සංගාට හෝ සිදත්ට..තිලංග ගෙදර?..අද ගත් තින්දුව මෙන්න

ක‍්‍රිකට් මහ පුටුව සංගාට හෝ සිදත්ට..තිලංග ගෙදර?..අද ගත් තින්දුව මෙන්න

Spread the love
  • 36
  •  
  •  
  •  
    36
    Shares

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රම සිංහ මහතාගේ ප්‍රධෘනත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අද උදෑසන රැස් වු අවස්ථාවේදී ක‍්‍රිකට් පරිපාලනයට ව්‍යාපාරිකයින් සහ බුකීකරුවන් පත්කිරීම වෙනුවට කුමාර් සංගක්කාර හෝ සිදත් වෙත්තමුණි මහතා වැනි ක‍්‍රිඩාවට ආදෙරේ පුද්ගලයින් ඒ සදහා සුදුසුයයි යෝජනා වී ඇත.හිටපු ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා යටතේ ක‍්‍රිකට් ක‍්‍රිඩාව දැඩි ලෙස විනාශ වී ඇති බවත් ඒ හේතුවෙන් ක‍්‍රිකට් නිලවරණයකින් හෝ අතුරු පාලක කමිටුවකින් හෝ සංගා,සිදත් වැනි අයට ක‍්‍රිකට් ආයතනය බාර දිය යුතු බවට එහදී යෝජනා වි ඇත.රංජන් රාමනායක ,නවීන් දිසානායක යන අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබු අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ලබන සදුදා පාර්ලිමේන්තු කන්ඩායම් රැස්වීමේදී එම යෝජනාවක් ලෙස ගෙනඑන බවයි.මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අතුරු තහනමකින් වළක්වා ඇති හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පාලනය අතුරු කමිටුවක් යටතට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරියෙක් යටතට පත්කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.අද (31දා) වත්මන් පරිපාලනයේ නිල කාලය අවසන් වන හෙයින් එහි පාලනය පවත්වාගෙන යෑම සඳහා මෙම විකල්ප දෙක පිළිබඳව අවධානය යොමුව තිබේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවී මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා පෙන්වා දෙන්නේ පස් දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත්කිරීමට වැඩි ඉඩක් පවතින බවයි.

(Visited 89 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!