” කෝපායිහිදි පොලිසියේ දෙදෙනා කැපුවේ හිටපු කොටි සාමාජිකයන් නොවේමද..? “(VIDEO)

” කෝපායිහිදි පොලිසියේ දෙදෙනා කැපුවේ හිටපු කොටි සාමාජිකයන් නොවේමද..? “(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

යාපනය කෝපායි කොන්ඩාවිල් ප්‍රදේශයේදී නාඳුනන දෙදෙනකු විසින් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී කැපුම් තුවාල සිදුකර පලාගොස්‌ ඇතැයි කෝපායි පොලිසිය පවසයි. යතුරුපැදිවලින් පැමිණි දෙදෙනකු මෙසේ ඊයේ (30 වැනිදා) දහවල් 12.15 ට පමණ තියුණු ආයුධවලින් පහර දී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ‘දිවයින’ ට පැවසීය.රාජකාරියට යමින් සිටි කෝපායි පොලිසියට අනුයුක්‌තව සේවය කරන කොස්‌තාපල්වරුන් දෙදෙනකු මෙම පහරකෑමට ලක්‌ව තිබේ.ඉන් එක්‌ අයකු ද්‍රවිඩ ජාතිකයකු බව පොලිසිය කියයි.කැපුම් තුවාල ලැබූ පොලිස්‌ නිලධාරීහු දෙදෙනා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම පහරදී පලාගිය නාඳුනන දෙදෙනා සොයා කෝපායි පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇත.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!