කෝටි 10 ක අල්ලස් ඉල්ලා කෝටි 2ක අත්තිකාරමක් ගනිද්දී ‘ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා’ හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා කොටුවෙයි

කෝටි 10 ක අල්ලස් ඉල්ලා කෝටි 2ක අත්තිකාරමක් ගනිද්දී ‘ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා’ හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා කොටුවෙයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන ආචාර්ය අයි.කේ.මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක මහතා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.රුපියල් කෝටි 10 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගන්නා විට මෙලෙස මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.සමාගමක කොටස් හුවමාරුවකට අදාළව මෙම ගනුදෙනුව සිදුව ඇති බව ද වාර්තා වෙයි.කෙසේ වෙතත් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් තුළ දී මෙම අල්ලස් ගනුදෙනුව සිදුව ඇති අතර ‍එම අවස්ථාවේ දී ‍ඔවුන් අත්අඩංගුවට පත්ව ඇති බව ද වැඩිදුරටත් සඳහන් වෙයි.

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!