“කොළඹ සටන ආණ්ඩුව කුජීතයි – ඔමාර් නිසා පොහොට්ටුව ප්‍රබල වෙයි “

“කොළඹ සටන ආණ්ඩුව කුජීතයි – ඔමාර් නිසා පොහොට්ටුව ප්‍රබල වෙයි “

Spread the love
  •  
  •  
  •  
  •  

පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට නිතැතින්ම ප්‍රමුඛ වටිනාකමක් හිමි වේ. ඒ මෙරට ප්‍රධාන නගරය අයත් පළාත් පාලන ආයතනය වීම හා විශාල ඡන්දදායකයන් ප්‍රමාණයක් සිටීම යන කරුණු හේතුවෙනි. මේ නිසා කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් කරන නගරාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වැඩි අවධානයක් යොමු කරන අතර එ් සඳහා ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් සහ වටිනාකමක් සහිත පුද්ගලයන් ඉදිරිපත් කිරීමට ප්‍රධනා දේශපාලන පක්ෂ නිතැතින්ම අවධානය යොමු කරයි.මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන අපෙක්ෂකයන් පිළිබඳව අප මීට පෙර ද හෙළිකළ අතර එහිදී අප ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි. එහෙත් ඒ සඳහා ඔහුගේ අකමැත්ත පළවී ඇති අතර පොදුජන පෙරමුණේ අවසන් තෝරාගැනීම වී ඇත්තේ හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම නාගරික කොමසාරිස්වරයෙකු ද වන ඔමාර් කාමිල් මහතාය.ඔහු 1997 දී කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්වූ අතර ඉන්පසු 1999 වසරේදී නගරාධිපතිවරයා ලෙස පත් විය. 2006 වසරේ සිට කාමිල් මහතා නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර මේ නිසා පොදුජන පෙරමුණ කොළඹට සුදුසුම අපේක්ෂකයා තෝරාගෙන තිබෙන බව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් වී තිබේ. එය කෙතරම්ද යත් මේ වනවිට කොළඹ නාගරික සීමාවේ හැමදාමත් සිය බලය පතුරුවන එක්සත් ජාතික පක්සය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අර්බුදයට ගොස් තිබේ.ඒ ඔමාර් කාමිල්ට තරගයක් දියහැකි නගරාධිපති අපේක්ෂකයෙකු තෝරගැනීම සම්බන්ධයෙනි. කොළඹ නගරයේ අති බහුතරය මුස්ලිම් ජාතිකයන් වන හෙයින් නගර සභාව ජයග්‍රහණය කිරීමට නම් සහ කාමිල් මහතාට තරගයක් දීමට නම් මුස්ලිම් අපේක්ෂකයෙකු ඉදිරිපත්වීම අනිවාර්ය වී තිබේ. එමෙන්ම කාමිල් මහතාට සිංහල ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ද ආකර්ශනය කරගැනීමේ හැකියාව පවතින අතර මෙය සෙසු පක්ෂ දෙකට බරපතල අවාසියකි.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!