“කොස්ලන්දේ මිනිස්සු මැරුණේ ආණ්ඩුවේ වරදින්” – එ.ජා.ප

Spread the love
  •  
  •  
  •  
  •  

දැන් කුමක්‌ කීවද කොස්‌ලන්ද ජනතාවගේ ජීවිත ආරක්‌ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම ආණ්‌ඩුව භාරගත යුතු බව විපක්‍ෂයේ සංවිධායක ජෝන් අමරතුංග මහතා ඊයේ (30 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
නාය යැමෙන් සිදුවූ හානිය හා ඊට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක්‌ කිරීමෙන් පසු විපක්‍ෂයේ සංවිධායකවරයා ඉහත ප්‍රකාශය කළේය.
කොස්‌ලන්ද මීරියබැද්දේ සිදුවූ ෙ€දවාචකය ගැන විපක්‍ෂය ලෙස අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මෙරට ඉතිහාසයේ පළමු වරට විශාල විනාශයක්‌ සිදුව තිබෙනවා. මෙය සුනාමියක්‌ ලෙස හැඳින්වීමට ආණ්‌ඩුව උත්සාහ කළත් එය සුනාමියක්‌ ලෙස හඳුන්වන්න බෑ.
ආණ්‌ඩු පක්‍ෂ සංවිධායකගේ ප්‍රකාශයෙන් පේනවා මෙවැනි ෙ€දවාචකයක්‌ වන බව අණ්‌ඩුව දැන සිටියා කියලා. දැන් මොනවා කීවත් ආණ්‌ඩුවට ජන ජීවිත ආරක්‌ෂා කර ගන්න බැරිවුණා. 2005 දී මේ ප්‍රදේශ අවදානම් කලාප ලෙස නම් කළා නම් ඇයි ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි නොකළේ.
ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු – දේශපාලන වාසි ගන්න එපා.
අමරතුංග මහතා – දේශපාලන වාසියක්‌ නොවේ. අපි කියන්නේ දැනදැනත් පියවරක්‌ නොගැනීම නිසා ආණ්‌ඩුව මෙහි වගකීම භාරගත යුතු බවයි. ආණ්‌ඩුව මේ ප්‍රදේශයේ ජනතාවට නිවාස හදලා නොදුන් නිසා තමයි මේ ෙ€දවාදකයට මුහුණ දුන්නේ. එය කියන එක වැරදිද
දිනේෂ් ගුණවර්ධන මහතා (ආවේගශීලීව) – මම විපක්‍ෂයේ සංවිධායකවරයාගේ ප්‍රකාශය ගැන කනගාටු වෙනවා. මේ වගේ ෙ€දවාචකයකින් කැත විදිහට දේශපාලන වාසි ගන්න එපා. මේක දේශපාලන සටනක්‌ නොවේ. ලැඡ්ජයි, ලැඡ්ජයි.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!