“කොස්ගම කඳවුරේ ගිනියම් වූ කැබලි ඒ අතරින් කිලෝමීටර් ගණන් ඈතට විසි වෙනවා” – පොලිසිය

“කොස්ගම කඳවුරේ ගිනියම් වූ කැබලි ඒ අතරින් කිලෝමීටර් ගණන් ඈතට විසි වෙනවා” – පොලිසිය

Spread the love
  •  
  •  
  •  
  •  

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් යුද හමුදාවේ කිසිවකුට තුවාල වූ බවක් මෙතෙක් වාර්තා නොවූ බව යුද හමුදාවේ බටහිර ආඥාපති මේජර් ජනරාල් සුනද්න රණසිංහ මහතා කියයි.
මේ වන විට යුද හමුදාව අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බව ද ඔහු කීවේය. ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාවේ බෙල් ගුවන් යානයක් යොදා ගෙන ඇතැයි යුද හමුදාව පවසයි.
මහා පිපිරීමත් සමඟ මීටර් 500 ක් 600 ක් උඩට රතු එළි ගමන් කරන බවත් එම එළී සමඟ ගිනියම් වූ කැබලි කිලෝ මීටර ගණනක් දුරට වැටෙන බවත් කියති. මේ අනූව හංවැල්ල නගරයේ වැසියන් ද ඉවත් කරන බව පොලිස් ආරංචි කියයි. හංවැල්ල නගරයට එවැනි කැබලි වැටුණ බව කියති.
“කොස්ගම කඳවුරේ රතුම රතු එළි විහි දී අහසට නගිනවා. ගිනියම් වූ කැබලි ඒ අතරින් කිලෝමීටර් ගණන් ඈතට විසි වෙනවා” යැයි පොලිස් ප්‍රකාශකයෙක් කියයි.
ගිනි දලු අහසට නගින හැටි මී ගොඩටද පෙනේ යැයි එහි වැසියෙක් කියයි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!