“කොරෝනා වෛරසය ශුක්‍රාණු වලත්”-විද්‍යාඥයින්ගේ පර්යේෂණ නව මානයකට

“කොරෝනා වෛරසය ශුක්‍රාණු වලත්”-විද්‍යාඥයින්ගේ පර්යේෂණ නව මානයකට

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්ත වෙමින් පැවති ජනවාරි සහ පෙබරවාරි කාල සීමාව තුලදී තෝරා ගනු ලැබූ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු හෙළි කර ගැනීමට එරට Shangqui රෝහලේ වෛද්‍ය පර්යේෂකයින් විසින් සමත්ව තිබෙනවා.මෙම පිරිසෙන් 16% කගේ ශුක්‍රාණු තරලයන් හි කොරෝනා වෛරසය ඇති බවට සොයා ගෙන ඇති බවයි එම පර්යේෂකයින් සඳහන් කරන්නේ. වෛරසය සම්ප්‍රේෂණය වී ඉන් සුවය ලැබූ පුද්ගලයින් ගේ ශුක්‍රාණු තරල මතද එය පවතින බවයි මෙහිදී අනාවරණය වී ඇත. මෙම සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය. නිසි පරීක්ෂණ සිදුකෙරෙන තෙක් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් හා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබමින් සිටින පුද්ගලයින් ලිංගිකව හැසිරීමෙන් වැලකි සිටීම ඥානාන්විත ක්‍රියාවක් වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ

(Visited 121 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!