කොන්ඩ අයියගේ DNA ගැලපුනේ නැතිනම්..මොකද වෙන්නේ

කොන්ඩ අයියගේ DNA ගැලපුනේ නැතිනම්..මොකද වෙන්නේ

Spread the love
  •  
  •  
  •  
  •  

සේයා දැරිය ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ඉදිරි කටයුතු  කොණ්ඩයාගේ අයියාගේ ඩී.එන්.ඒ වාර්තාව නිකුත් කළ පසු කවර අතකට හැරෙනු ඇතිදැයි තීරණය වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයා පරීක්ෂණ අතරතුරදී පාපොච්චාරණයක් කළ පමණින් අපරාධකාරයෙක් හෝ ඝාතකයෙක් කියා පැවසිය නොහැකි බවත්, එය වාර්තා කිරීමේදී මාධ්‍යය ද සැලකිලිමත් විය යුතු බවත්, ඒ මහතා කියා සිටියේය.

කොළඹදී අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගත් සිසුවා හා අනෙක් සැකකරුවන් නිදහස් කර ඇති බවත්, සිසුවාට අයත් යම් යම් දේපළ අස්ථානගත වීම මෙන්ම ඔහුට සිදුව ඇතැයි කියන පහරදීම ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මෙහෙයවීම යටතේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත වෙනම පරීක්ෂණයක් සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර ප්‍රගීත් එක්නැලිගොඩ මහතා‍ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මේවන විට 11 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, ඒ අතර පුනරුත්ථාපන වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්, විශ්‍රාමික හමුදා සෙබළුන්, දැනටමත් සේවය කරන අය සිටින බවත්, ඔහු පැවසීය.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනූව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත ඔවුන්ගෙන් 7 දෙනෙකු  විමර්ශන සඳහා ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගිහින් ගොස් ඇති බවත්, ඉතිරි 4 දෙනාද එහි රැගෙනයාමට නියමිත බවත්, ඒ මහතා කියා සිටියේය.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!