කොදෙව්වන්ගෙන් ලද දැවැන්ත පරාජය හමුවේ සිංහ පිල වෙනස්වෙයි – ප්‍රබලයෙක් ඉවතට

කොදෙව්වන්ගෙන් ලද දැවැන්ත පරාජය හමුවේ සිංහ පිල වෙනස්වෙයි – ප්‍රබලයෙක් ඉවතට

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ලබන බ්‍රහස්පතින්දා (14) සෙන්ට් ලුසියා හිදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරඟයට සඳහා ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට බළධාරීන් සූදානම් වන බවට තොරාතුරු වාර්තාවේ.ඒ අනුව මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා එම තරඟයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බවට වාර්තාවෙයි.පියාගේ හදිසි අභාවය නිසා ඔහු පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වූ අතර පළමු තරඟයට ක්‍රීඩා නොකළේය.දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය ශ්‍රීලංකාවට ලකුණු 226ක පරාජයක් අත්කර දෙමින් ඊයේ (10) අවසන් වූ අතර, එම තරඟයට ක්‍රීඩා කළේ පිතිකරුවන් හය දෙනෙකු පමණි.එහිදී ශතකයක් (102) රැස්කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතකරුවා විය.තරඟයෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීමට බලාපොරාත්තු වන බවය.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!