“කොටි 25ක් දෙන්නම් ආපහු එන්න කිව්වා… එත් මන් ගියේ නෑ…” – එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන

Spread the love
  •  
  •  
  •  
  •  

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ ප්‍රබලයකු රජයට සම්බන්ධයි. මා පක්ෂයෙන් ඉවත් වු පසු  එක්තරා සභාපතිවරයකු මගේ කොළඹ නිවසට පැමිණ රුපියල් කෝටි 25 දෙන්න හැදුවා.  අපාසු එන්න කීවා. මා එම ආරාධනය පිළිගත්තේ නැහැ‘යි හිටපු බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ පක්ෂ කාර්යලයේදී පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායකව සිටි ගුණවර්ධන මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතා සමග ඉවත්විය. ශ්‍රී ලනිපය හැර යාමෙන් පසු ඔහු කන්තලේට ආ ප්‍රථම අවස්ථාව මෙයයි.
රථ පෙරහරකින් කන්තලේට ආ ඔහු පිළිගැනීමට මඟ දෙපස විශාල පිරිසක් එක්ව සිටියහ.
යන්ත්‍ර සූත්‍ර යොදාගෙන නැගෙනහිර පළාතේ නිධන් හෑරු දේශපාලනාඥයෙක් සිටිනවා. අග්නිදිග ආසියාවේ ලොකුම කෝටිපතියත් ලංකාවේ. ලංකාවේ ලොකුම  කෝටිපතියාත් ආණ්ඩුවේ. මේ කරුණු එදා හෙළිදරවු නොකළේ එය තනියම කළ හොකැකි නිසායි. ඊට අවසථාවක් එන තුරු බලා සිටියා. [sexypoll id=”9″]

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!