කොටි රැදවියන් උපවාසය අවසන් කරයි….

කොටි රැදවියන් උපවාසය අවසන් කරයි….

Spread the love
  •  
  •  
  •  
  •  

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි රැඳවියන් පිරිසක් ආරම්භ කළ උපවාසය නතර කර ඇත.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා සඳහන් කළේ අද පෙරවරු අටේ සිට අදාළ උපවාසය අවසන් කර ඇති බවය.
තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින් මඩකළපුව, අනුරාධපුර ‍, යාපනය සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරත වි ඇත.
අදාළ රැඳවියන් හමුවී ඊයේ පස්වරුවේ අමාත්‍ය ස්වාමිනාදන් මහතා සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස උපවාසය අතහැරීමට තීරණය කර ඇති බව සඳහන්කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින රැඳවියන්ගෙන් ඇප ලබාදීමට නොහැකි රැඳවියන් පුනරුත්තාපනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඩී.එම්.ස්වාමිනාදන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එම රැඳවියන් පුනරුත්තාපනය කිරීම සඳහා යොමුකිරීමට නියමිතව ඇත.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!