“කොටි තහනම ඉවත් කලාට සුද්දන් ඉදිරියේ දනින් වැටෙන්න මගේ සුදානමක් නෑ” – ජනපති

Spread the love
  •  
  •  
  •  
  •  

ත‍්‍රස්තවාදයට පණ දෙමින් යුරෝපය තුළ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීමට කටයුතු කළ ද කිසිවිටෙකත් ඔවුන් ඉදිරියේ දණින් නොවැටෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
එ් මහතා පෙන්වා දෙන්නේ ත‍්‍රස්තවාදය අවසන් කළද විදෙස් රටවල කි‍්‍රයාත්මක ඩයස්පෝරාව තවමත් හොල්මන් කරන බවයි. විදෙස් රටවල කුමක් කළද අප මාතෘ භූමිය තුළ යළි කිසිදු ත‍්‍රස්තවාදී වැඩපිළිවෙළකට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා අවධාරනය කරනවා.
එ් මහතා මෙම අදහස් පළ කළේ ‘‘ අපි වෙනුවෙන් අපි ’’ රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ පුත්තලම දිස්තී‍්‍රක්කයේ ඉදිකළ නිවාස රණවිරු අයිතියට පත් කිරීමේ උත්සවයට අද පස්වරුවේ එක්වෙමින්.

ආණමඩුව මාඋස්වැව රතනපාල විද්‍යාලයේ පැවැති මෙම උත්සවයේදී නිවාස 101 ක් ජනාධිපතිවරයා අතින් රණවිරු අයිතියට පත් කෙරුණා. උත්සව සභාව ඇමැතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ යළිත් මේ රට ත‍්‍රස්තවාදයට බිලිදීමට වීරෝධාර රණවිරුවන් සූදානම් නොමැති බවයි.
ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් නිදහස කිසිවෙකුටත් පාවා නොදී අනාගත පරපුර වෙනුවෙන් එය ආරක්ෂා කර ගැනීම සියලූ දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!