කුසින් වදාපු පුතාව ලිංගිකව අපයෝජනය කර මුදලට විකිණූ මව සහ පෙම්වතාට අත් වූ ඉරණම

කුසින් වදාපු පුතාව ලිංගිකව අපයෝජනය කර මුදලට විකිණූ මව සහ පෙම්වතාට අත් වූ ඉරණම

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

තම පුතු දුෂණය කර අනතුරුව ළමා දූෂකයන්ට අලෙවි කළ මවකට සහ ඇයගේ පෙම්වතාට සිරදඬුවම් නියමකළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.එම සිදුවීම වාර්තා වන්නේ ජර්මනියෙන්. මෙලෙස සිරදඬුවම් නියමවී ඇත්තේ 48 හැවිරිදි කාන්තාවකට සහ 39 හැවිරිදි ඇයගේ පෙම්වතාටයි.මොවුන් දෙදෙනා විසින් බරපතල ලෙස ලිංගික අපයෝජනය කර ඇත්තේ අදාළ දරුවා 9 හැවිරිදි වියේ පසුවන විටයි.මෙහිදී අනාවරණ වී ඇත්තේ ආසන්න වශයෙන් පුරා වසර 2ක් තිස්සේ මොවුන් දෙදෙනා විසින් දරුවා අපයෝජනය කර ඇති බවයි.ඒ අනුවයි අදාල නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය විසින් මෙම යුවලට වසර 12 ක් සහ මාස 6 ක සිරදඬුවම් නියමකර ඇත.මීට අමතරව එම දරුවාට සහ ඔවුන් විසින් අපයෝජනය කළ තවත් දැරියකට යුරෝ 42,500 ක් වන්දි වශයෙන් ගෙවන ලෙසටයි අධිකරණය මවට සහ අනියම් සැමියාට නියෝග කර ඇත.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!