කුරුණෑගල පොල් වත්තක තවත් පුහුණු කඳවුරක් අද හමුවෙයි

කුරුණෑගල පොල් වත්තක තවත් පුහුණු කඳවුරක් අද හමුවෙයි

Spread the love
  • 379
  •  
  •  
  •  
    379
    Shares

ප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට හා ත්‍රස්ථ ක්‍රියා සඳහා අනුබල දුන් සැකකරුවන් 6දෙනෙක් කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරුවන් අතුරින් පුද්ගලයින් 3 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, අනෙක් 3 දෙනා මේ වන විට කුරුණෑගල පොලිස් බාරයේ රඳවා තබා ගෙන විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අද(20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් අධිකාරීවරයා මෙම කරුණු අනාවරණ කළේය.කුරුණෑගල පොලිස් වසමේ අලකොළ දෙණිය ප්‍රදේශයේ පොල් ඉඩමක යම් පිරිසක් පුහුණු කඳවුරක් පවත්වා ඇති බවට කුරුණෑගල පොලීසියට තොරතුරක් ලැබී තිබේ.පසුව ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශන අනුව, කුරුණෑගල පොලීසිය විසින් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

(Visited 476 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!