කුණු වලින් ලංකාව පස්වෙනි තැනට කප් ගසයි

කුණු වලින් ලංකාව පස්වෙනි තැනට කප් ගසයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සගරාව කළ පර්යේෂණයකට අනුව මුහුදුට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතරින් පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව අනාවරණය වී ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
එම සඟරාව මෙම අනාවරණය සිදුකර ඇත්තේ රටවල් 192ක් පිළිබඳව අවධානය යොමු කරය. සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදා හරින ප්‍ර‍ධාන රටවල් 20 ඒ අනුව තෝරාගෙන ඇත.
එම අනුපිළෙවෙළ අනුව මුලින්ම ඇත්තේ චීනයයි. ඉන්දුනීසියාව දෙවැනි තැනටත්, පිලිපීනය තුන්වැනි තැනටත්, වියට්නාමය හතර වැනි තැනටත්, ශ්‍රී ලංකාව පස් වැනි තැනටත් කප් ගසා ඇතැයි කාරියවසම් මහතා පවසයි.
ශ්‍රී ලංකාව වසරකට මුහුදට දමණ ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1.59ක් බව එම අනාවරණයෙන් හෙළි වී ඇත. ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සඟරාමවට අනුව ලංකාවේ සෑම පුද්ගලයකුම දිනකට කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදා හරින අතර ඒ අතර ග්‍රෑම් 300ක ප්ලාස්ටික් ද ඇතුළත් වෙයි. නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහණයෙන් බෙදීමෙන් මෙම අගය ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ කසළ කළමණාකරනයට නිසි වැඩ පිළිවලක් සකස්කිරීමට ප්‍ර‍බලම බාධාවක් වී ඇත්තේ මෙරට දේශපාලකයන් හා පාතාලය බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!