කුජ-කේතු එක්වීමෙන්  ඉදිරියේදී රාජ්‍ය පාලන පෙරළි රැසක්-මහින්ද අගමැති වීම ඒකාන්තයි

කුජ-කේතු එක්වීමෙන් ඉදිරියේදී රාජ්‍ය පාලන පෙරළි රැසක්-මහින්ද අගමැති වීම ඒකාන්තයි

Spread the love
  • 47
  •  
  •  
  •  
    47
    Shares

නොවැම්බර් මස 06 දක්වාම කුජ ලංකා කේන්දරයේ 12 වැන්නේ ගමන් කරන අතර කේතු ඊට සම්බන්ධ වෙයි. 12 වැන්න යනු කෂ්ඨ හෙවත් දුෂ්ට ස්ථානයකි. එයින් මෙම ග්‍රහයන් දෙදෙනාටම… අසුභ ප්‍රතිඵල ඇති කරයි. මෙකී කරුණ මත මෙරට රාජ්‍යභාවයට අධිපති කුජ කේතු සමග එක්වීමෙන් පාලනමය හා රාජ්‍යමය වශයෙන් තේරුම් ගැනීමට අපහසු ගුප්ත දෑ සිදුවන ස්වභාවයක් නිර්මාණය කරයි.නොසිතූ විරූ දෑ සිදුවන මෙම කාලය පක්ෂවල නායක කාරකාදීන්ට ද ගැටලු නිර්මාණය වන්නකි. චෝදනා අපවාද සහිතයි. දේශපාලන ශුද්ධවන්තයින් කවුද යන්න බ්‍රහස්පතිගේ ගමන අනුව පැහැදිලි වනු ඇත. ගුරු ලංකා කේන්දරයේ 9 වැන්නේ හෙවත් ධර්මස්ථානයේ ගමන් කිරීම 2018 ඔක්තෝබර් 11 දක්වාම සිදුවෙයි. දේශපාලනමය චරිතවල හොද නරක පැහැදිලි වන කාලයකි.මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 2015 දි බලය නැතිවෙන බවත්. 2018න් පස්සෙ නැවත තැනකට එන බවත් එදා ප්‍රබලම දෛවඥයෙක් තමන්ට කියූ අනාවැකියක් ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා පැවති විවාහ මංගල උත්සවයේදී යළි මතක් කිරීමක් කර තිබෙනවා.එතකොට සර් ඒ දෛවඥය කිව්වද ඔබතුමා ආයෙමත් අගමැති වෙනවය කියලත්… එතන හිටිය මන්ත්‍රීවරයෙක් එහෙම අහද්දී ඒකට හිටපු ජනපතිතුමන් මහ හඬින් සිනාසුණා මිසක් මුකුත්ම කිව්වෙ නැහැ කියලයි ආරංචිය.

(Visited 173 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!