“කිසිම හේතුවක් මත උතුරේ කඳවුරු ඉවත් නොකරමි !” – ආරක්ෂක ලේකම්

“කිසිම හේතුවක් මත උතුරේ කඳවුරු ඉවත් නොකරමි !” – ආරක්ෂක ලේකම්

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
මහනුවරදී අද පෙරවුරුවේ මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේබව සඳහන් කළේය.
නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද අලුයම මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රි දළදා මාලිගය වැඳපුදා ගත්තේය.
ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා අස්ගිරි මහ විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා පැමිණියේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට අදහස් පළ කළේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!