“කිසිදා නොවී විරු දේ සිදුවෙයි-හදිසි නීතිය මෙරට ආර්ථිකය අගාධයටම රැගෙන යයි”

“කිසිදා නොවී විරු දේ සිදුවෙයි-හදිසි නීතිය මෙරට ආර්ථිකය අගාධයටම රැගෙන යයි”

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ශ්‍රී ලංකාවේ හදිසි නීතිය පනවා තිබීම හේතුවෙන් රටේ ආර්ථිකයට එය සුළු බලපෑමක් එල්ල කර ඇත බව මෙරට ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙනවා. ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ කොටස් වෙළඳ පොලට බව සඳහන්ය.ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් විදේශ ආයෝජකයින් කොළඹ කොටස් වෙළඳ පොලේ ආයේජනය කිරිමට වැඩි උනන්දුවක් නොදක්වන බවයි කොළඹ කොටස් වෙළඳ පොළ ආරංචි මාර්ග කියා සිටියේය.මහනුවර සහ අම්පාර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ හදිසි නීතිය බලාත්මක කරනු ලැබුවා.ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුවයි. හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරිමත් සමග කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ඇති විදේශ ආයෝජකයන් සිය තැන්පතු මුදල් ආපසු ලබාගැනීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙනවා.එමෙන්ම විදේශ ආයෝජකයන්ගේ සංඛ්‍යාව ද කැපී පෙනෙන අයුරින් පහත වැටී ඇති බවයි වාර්තා වේ.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!